කළමනාකරණ දර්ශනයේ මූලාරම්භය වන්නේ විද්‍යාත්මක කළමනාකරණයයි. මෙහිදී මිනිසා යනු ආර්ථික සත්වයෙක් ලෙස හදුන්වන ලදී. කළමනාකරුවන් මෙහිදී පවසන ලද්දේ මිනිසා ඍජුවම මුදල් වලට ප්‍රතිචාර දක්වන බවත් සේවක ඵලදායීතාවය වර්ධනය කිරීමට මූල්‍යමය ප්‍රතිලාභ වර්ධනය කල යුතු බවත්ය. මෙම සංකල්පය තුලදී මිනිසුන් මිනිසුන් ලෙස සිතනවාට වඩා , මිනිසුන් ඔවුන්ගේ කාර්යයන් සඳහා යන්ත්‍ර මෙන් සම්බන්ධ කළහැකි බවත්, එය න්‍යායාත්මකව කාර්යක්ෂමව ඔවුන්ට කල හැකි දෙයක් බවට පත්කළ හැකි බවත් මෙහිදී විශ්වාසය විය.මීට අමතරව සේවකයන් විසින් ඉටුකරනු ලබන කාර්යය ප්‍රමාණය හෝ එහි වේගය තීරණය වනු ලබන්නේ සේවකයාගේ ශාරීරික කුසලතාවය, දරන්නාවූ වෙහෙස මත බවත් එම නිසා සඵලදායකත්වය වර්ධනය කරගැනීමට සේවක කාර්යක්ෂමතාවය අනුව බවත් මෙහිදී විශ්වාස කරනලදී.
විද්‍යාත්මක කළමනාකරණය තුලින් ඉහත ගැටළු විසඳේ යැයි අපේක්ෂා කල අතර මූලධර්ම කිහිපයක් පිළිබඳවඅවධානය යොමු කරන ලදී.ප්‍රථමයෙන්ම වැඩ කිරීමේ විද්‍යාත්මක ක්‍රමය හඳුනා ගැනීම සහ වර්ධනය යන මූලධර්මය . කිසියම් කාර්යයක්කරන විට එය ඉටුකළ හැකි හොඳම ක්‍රමය තෝරාගත යුතුයි. එනම් එක කාර්යයක් ඉටු කිරීම සදහා පිරිවැය සහ කාලය අඩුවෙන් වැය වන හොඳම ක්‍රමය තෝරාගත යුතු බවයි.කළමනාකරණය ව්‍යාපාර පරිසරය තුළ මෙන්ම සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුලද භාවිත වේ. ඔබ හැමදාම එකම ආකාරයට එකම වෙලාවට විභාගයක් සදහා සූදානම් වන්නේ යැයි සිතන්න. සෑමවිටම ඔබ අඩු ලකුණු ප්‍රමාණයක් ලබන්නේ නම් එය ඔබගේ කළමනාකරණයේ අඩුපාඩුවකි.

ඔබ විවිධ ක්‍රම අනුගමය කරමින් අධ්‍යාපන කටයුතු කරගෙන යන අතර ඔබට වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් සොයාගැනීමට හැකි වුවහොත් ඔබ හොදින් වැඩ අධ්‍යයනය කර වඩාත්ම කාර්යක්ෂම වුත් සපලදායී වුත් ක්‍රමයක් ඔබ විසින් අවසානයේ තෝරාගත යුතුයි. ව්‍යාපාර පරිසරය තුලදී නම් අප විසින් අනවශ්‍ය චලනයන් සහ ආයසයන් මුලිනුපුටා දමා ඒ තුලින් අදාල කාර්යය ඉටුකිරීම සඳහා වැයවන කාලය ආයාසය සහ වියදම අවම කර ගැනීම මෙහිදී අර්ථවත් වේ.විද්‍යාත්මක කලමකරණය තුලදී සේවකයන් තෝරාගැනීමද විද්‍යාත්මකව සිදු විය.එනම් අදාල කාර්යයන් නිසි පරිදි ඉටු කිරීම සදහා ශාරීරික සහ මානසික හැකියාවෙන් යුත් සේවකයන් බන්දවාගන්නා ලදී.මේ සදහා නිවැරදි තීරණ ගැනීමේ ශිල්ප ක්‍රම (විද්‍යාත්මක ක්‍රම) භාවිතා කරන ලදී.එමෙන්ම සේවකයන් පුහුණු කිරීම සහ සංවර්ධනය විද්‍යාත්මකව සිදු කරන ලදී. වැඩ කිරීමේ විද්‍යාත්මක ක්‍රමය පිළිබද සේවකයාට අවබෝධයක් නොමැති නම් බලාපොරොත්තු වන සාර්ථකත්වය ලබාගැනීමට නොහැකි වනුඇත. තවද ආයතනයේ කලමකරණය සහ සේවකයන් අතර සමීප සහයෝගීතාවයක් පැවතිය යුතු බවත් පෞද්ගලිකවාදය වෙනුවට කණ්ඩායම් සහයෝගීතාවය යොදා ගැනීමට අවධානය යොමු කරන ලදී.

මෙහිදී මුදල් ප්‍රතිලාභ පිළිබද වැඩි අවධානයක් යොමු කල බැවින් ඔවුන් විශ්වාස කරන ලද්දේ සේවකයන් අතිරේක මුදලක් උපාය ගැනීමට ඔවුන් කළමනාකරණ නියෝග පිළිපදින බවත්, වැඩ කිරීමට පෙල‍ඹෙන බවත්ය. මෙය විද්‍යාත්මක කලමනකරණයේ මූලික උපකල්පනයකි.

කෙසේ වෙතත් මෙම ප්‍රවේශය සම්බඳව ඉදිපත් වූ මතවාද නම්

  • තාක්ෂණික ශිල්පක්‍රම පිළිබද දැඩි අවධානය
  •  මානුෂීය හැගීම් නොසලකා හැරීම
  • සේවකයන් මත අධික පීඩනය
  • අධි විශේෂීකරණය
  • මුදල් සාධකය පමණක් සැලකිල්ලට ගැනීම ( මුදල් නොවන සාධක පිලිබඳ අවධානයක් නොමැති වීම )

කෙසේ වෙතත් කළමනාකරණ චින්තනයේ වර්ධනයේ සහ විකාශනයේ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර මෙහිපැවති දුර්වලතා මග හරවා ගැනීමට චර්යාත්මක ප්‍රවේශය හඳුන්වා දෙන ලදී.