ඔබත් උසස් අධ්‍යාපන හැදෑරීමට වෙනත් රටකට යාමට අපේක්ෂාවෙන් සිටින්නෙක් හෝ ඔබගේ දරුවා අන්තර්ජාතික මට්ටමේ විශ්ව විද්‍යාලයකට යොමු කිරීමට අපේක්ෂාවෙන් සිටින දෙමව්පියෙකු විය හැකිය. මෙහිදී යායුතු රට හා විශ්ව විද්‍යාලය තීරණය කිරීම ඉතාමත් අසීරු කරුණක් බව ඔබට දැනටමත් වැටහී ඇති බව අප දන්නා කරුණකි. සාමාන්‍යයෙන් ලංකාවේ අප මෙම තීරණය ගැනීමට යම් විදෙස් අධ්‍යාපන උපදේශකයෙකුගේ සහය ලබා ගැනීමට යොමුවේ. කෙසේ වෙතත් මෙය පුද්ගලයෙකුගේ දිවියේ ඉතා වැදගත් තීරණයක් වන බැවින්, වෙනත් පාර්ශවයක් මත 100% නොපවරවා, තමා විසින්ම සිදුකිරීම ඉතාමත් යෝග්‍යය වේ. 

මෙම ලිපිය මගින් අප ඔබ වෙත නවතම QS ශ්‍රේණි ගත කිරීම් වලට අනුව විදෙස් අධ්‍යාපනයක් ලබා ගැනීමට යාමට හොඳම නගර 10 ඔබ වෙත ගෙන හැර දක්වන අතර මෙය ඔබගේ විදෙස් අධ්‍යාපන ගමනාන්තය තීරණය කර ගැනීමට හේතු පාධක වේවා යි යන්න අපගේ බලා පොරොත්තුවයි.


යම් නගරයක් අධ්‍යාපනය ලබා ගැනීමට යාමට සුදුසු බව හදුනා ගැනීමට මුලිකව පහත සාධක සළකා බැලිය යුතුය.

  • අන්තර්ජාතිකව පිළිගත් ඉහළ පෙළේ විශ්ව විද්‍යාල නගරය තුළ පැවතීම.
  • ජීවන වියදම (නවාතැන්, ආහාර පාන, ප්‍රවාහන ආදිය) (Cost of Living)
  • අධ්‍යාපනික ගාස්තු (Course Fees)
  • වීසා බලපත්‍රය (ශිෂ්‍ය පමණක් හෝ වෘත්තියක නිරත විය හැකි) (Student Visa)
  • සැලකිය යුතු අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතයක් පැවතීම (International
  • Student Ratio)
  • නගරයේ දේශගුණික තත්ත්වය

මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඉගෙන ගන්න යන්න, ලෝකයේ හොඳම නගර 10 පහත පරිදි නම්  කළ හැකිය.

#1 ලන්ඩන්, එක්සත් රාජධානිය (London, UK)

සුවිශාලතම කෞතුකාගාර, පුස්තකාල, ආපන ශාලා රැසකට නිවහන වන මෙම නගරය සංචාරකයන්ගෙන් පිරි ඉතා සුරක්ෂිත නගරයකි.

  • ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල: යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් (UCL), ඉම්පීරියෙල් කොලේජ් ලන්ඩන් (Imperial College London), කිංග්ස් කොලේජ් ලන්ඩන් (King’s College London)
  • ජීවන වියදම:
    • ප්‍රවාහන – රු. 36,000/= පමණ (මාසිකව)
    • නවාතැන් – රු. 295,000/= පමණ (මාසිකව)
    • බිග් මැක් බර්ගර් (McDonald’s Big Mac) මිල – රු. 750/= පමණ
    • වෙනත් සිල්ලර බඩු සඳහා – රු. 850/= පමණ (සතියකට)
  • පාඨමාලා ගාස්තු: රු. 3,800,000/= පමණ (වාර්ෂිකව)
  • බහුලව භාවිතා වන භාෂාව: ඉංග්‍රීසි භාෂාව
  • වීසා බලපත්‍රය: යුරෝපා පුරවැසියන්ට අවශ්‍ය නැත. අනෙකුත් රටවල පුරවැසියන්ට මාස 12කට වැඩි පාඨමාලා හැදෑරීමට වීසා බලපත්‍ර නිකුත්  කරනු ලැබේ. එසේ නිකුත් කල බලපත්‍ර පාඨමාලා අවසානයෙන් මාස 4කට පසු අවලංගු වේ. ඉගෙන ගන්නා අතර තුර සතියකට උපරිම වශයෙන් පැය 20 ක කාලයක් රැකියාවක නිරත විය හැකිය.
  • අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතය: 41%
  • දේශගුණික තත්ත්වය: සෙල්සියස්  අංශක 4-20 අතර

#2 ටෝකියෝ, ජපානය (Tokyo, Japan)

ජපානයේ ඉතාම කාර්යබහුල නගරයක් වන ටෝකියෝ නගරය, තාක්ෂණික මෙන්ම පෞරාණික ස්ථාන රැසකින්  සමන්විත නගරයකි.

  • ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල: ටෝකියෝ විශ්වවිද්‍යාලය (The University of Tokyo), ටෝකියෝ විද්‍යා ආයතනය (Tokyo Institute of Technology)
  • ජීවන වියදම:
    • ප්‍රවාහන – රු. 13,000/= පමණ (මාසිකව)
    • නවාතැන් – රු. 218,000/= පමණ (මාසිකව)
    • බිග් මැක් බර්ගර් (McDonald’s Big Mac) මිල – රු. 615/= පමණ
    • වෙනත් සිල්ලර බඩු සඳහා – රු. 1,210/= පමණ (සතියකට)
  • පාඨමාලා ගාස්තු: රු. 1,210,000/= පමණ (වාර්ෂිකව)
  • බහුලව භාවිතා වන භාෂාව: ජපන්  භාෂාව
  • වීසා බලපත්‍රය: පාඨමාලා හැදෑරීමෙන් පසු නව රැකියාවක් සොයා  ගන්නා තෙක් දින 360 ක කාලයක් ශිෂ්‍ය වීසා බලපත්‍රය මගින් හිමි වේ. දිනකට පැය 8ක  කාලයක් ඉගෙනුම ලබන අතරතුර යම් රැකියාවක් නිරත විය හැකි වන අතර රැකියාවක නියැලීමට ජපාන අධිකරණ අමාත්‍යංශයෙන් අවසර ගත යුතුය.
  • අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතය: 7%
  • දේශගුණික තත්ත්වය: සෙල්සියස්  අංශක 5-26 අතර

#3 මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව (Melbourne, Australia)

බහු සංස්කෘතික නගරයක් වන මෙල්බර්න් නගරය ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල රැසකට නිවහන වේ.

  • ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල: මොනෑෂ් විශ්ව විද්‍යාලය (Monash University), මෙල්බර්න් විශ්ව විද්‍යාලය (The University of Melbourne)
  • ජීවන වියදම:
    • ප්‍රවාහන – රු. 20,000/= පමණ (මාසිකව)
    • නවාතැන් – රු. 212,000/= පමණ (මාසිකව)
    • බිග් මැක් බර්ගර් (McDonald’s Big Mac) මිල – රු. 850/= පමණ
    • වෙනත් සිල්ලර බඩු සඳහා – රු. 1,210/= පමණ (සතියකට)
  • පාඨමාලා ගාස්තු: රු. 4,110,000/= පමණ (වාර්ෂිකව)
  • බහුලව භාවිතා වන භාෂාව: ඉංග්‍රීසි භාෂාව
  • වීසා බලපත්‍රය: පාඨමාලා හැදෑරීමෙන් පසු මාස 1-3 අතර කාලයක් ඕස්ට්‍රේලියාව තුළ රැඳී සිටිය හැකිය. ශිෂ්‍ය වීසා බලපත්‍රයෙන් සතියකට පැය 20 ක කාලයක් රැකියාවක නිරත විය හැකිය.
  • අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතය: 31%
  • දේශගුණික තත්ත්වය: සෙල්සියස්  අංශක 10-21 අතර

#4 මියුනික්, ජර්මනිය (Munich, Germany)

ජර්මනියේ මියුනික් නගරය ලොව ජීවත් වීමට හොඳම නගර අතරින් එකකි. මෙහි පාඨමාලා ගාස්තු ඉතාමත් අඩු මුදල් ප්‍රමාණයක් වේ.

  • ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල: මියුනික් කාර්මික විශ්ව විද්‍යාලය (Technische Universität München), මියුනික්හි ලුඩ්විග් මක්සිමිලියන් විශ්ව විද්‍යාලය (Ludwig Maximilian University of Munich)
  • ජීවන වියදම:
    • ප්‍රවාහන – රු. 14,000/= පමණ (මාසිකව)
    • නවාතැන් – රු. 236,000/= පමණ (මාසිකව)
    • බිග් මැක් බර්ගර් (McDonald’s Big Mac) මිල – රු. 850/= පමණ
    • වෙනත් සිල්ලර බඩු සඳහා – රු. 1,300/= පමණ (සතියකට)
  • පාඨමාලා ගාස්තු: රු. 12,000/= පමණ (වාර්ෂිකව)
  • බහුලව භාවිතා වන භාෂාව: ජර්මානු භාෂාව
  • වීසා බලපත්‍රය: යුරෝපා පුරවැසියන් නොවන සිසුන්ට පාඨමාලාවෙන්  පසුව මාස 18ක වීසා දිගුවක් ලබා ගත හැකිය. තවද, යුරෝපා පුරවැසියන් නොවන සිසුන්ට වසරකට දින 180 ක් රැකියාවක නිරත විය හැකිය.
  • අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතය: 15%
  • දේශගුණික තත්ත්වය: සෙල්සියස්  අංශක -1 – 18 අතර

#5 බර්ලින් , ජර්මනිය (Berlin, Germany)

ජර්මනියේ  අගනගරය වන බර්ලින් නගරය, කලාවට බර ඉතා මනස්කාන්ත නගරයකි.

  • ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල: බර්ලින් නිදහස් විශ්ව විද්‍යාලය (Freie Universität Berlin), බර්ලින් තාක්ෂණික විශ්ව විද්‍යාලය (Technische Universität Berlin)
  • ජීවන වියදම:
    • ප්‍රවාහන – රු. 17,000/= පමණ (මාසිකව)
    • නවාතැන් – රු. 142,000/= පමණ (මාසිකව)
    • බිග් මැක් බර්ගර් (McDonald’s Big Mac) මිල – රු. 850/= පමණ
    • වෙනත් සිල්ලර බඩු සඳහා – රු. 1,100/= පමණ (සතියකට)
  • පාඨමාලා ගාස්තු: රු. 44,700/= පමණ (වාර්ෂිකව)
  • බහුලව භාවිතා වන භාෂාව: ජර්මානු භාෂාව
  • වීසා බලපත්‍රය: යුරෝපා පුරවැසියන් නොවන සිසුන්ට පාඨමාලාවෙන්  පසුව මාස 18ක වීසා දිගුවක් ලබා ගත හැකිය. තවද, යුරෝපා පුරවැසියන් නොවන සිසුන්ට වසරකට දින 180 ක් රැකියාවක නිරත විය හැකිය.
  • අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතය: 17%
  • දේශගුණික තත්ත්වය: සෙල්සියස්  අංශක -1 – 18 අතර

#6 මොන්ට්‍රියල්, කැනඩාව (Montréal, Canada)

කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ විශාලතම නගරය වන මොන්ට්‍රියල් නගරය, ප්‍රංශ භාෂාව බහුලව භාවිතා වන ප්‍රදේශයකි.

  • ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල: මොන්ට්‍රියල් විශ්ව විද්‍යාලය (University of Montreal), මැක් ගිල් විශ්ව විද්‍යාලය (McGill University) 
  • ජීවන වියදම:
    • ප්‍රවාහන – රු. 11,950/= පමණ (මාසිකව)
    • නවාතැන් – රු. 120,000/= පමණ (මාසිකව)
    • බිග් මැක් බර්ගර් (McDonald’s Big Mac) මිල – රු. 940/= පමණ
    • වෙනත් සිල්ලර බඩු සඳහා – රු. 1,210/= පමණ (සතියකට)
  • පාඨමාලා ගාස්තු: රු. 2,380,000/= පමණ (වාර්ෂිකව)
  • බහුලව භාවිතා වන භාෂාව: ප්‍රංශ භාෂාව
  • වීසා බලපත්‍රය: සිසුන්ට පාඨමාලාව අතරතුර රැකියාවක නිරත විය හැකිය.
  • අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතය: 28%
  • දේශගුණික තත්ත්වය: සෙල්සියස්  අංශක -9 – 21 අතර

#7 පැරිස්, ප්‍රංශය (Paris, France)

ලොව ප්‍රමුඛ පෙළේ කලා වලට ලදි විශ්ව විද්‍යාල රැසකට නිජ බිම වන පැරිස් නගරය, සිසුන්ට අයිෆල්  කුළුන වැනි සුප්‍රසිද්ධ ස්ථාන විශාල ප්‍රමාණයක් නැරඹීමට ඉඩ ප්‍රස්ථාව ලබා දේ.

  • ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල: École Normale Supérieure, École Polytechnique
  • ජීවන වියදම:
    • ප්‍රවාහන – රු. 16,000/= පමණ (මාසිකව)
    • නවාතැන් – රු. 244,000/= පමණ (මාසිකව)
    • බිග් මැක් බර්ගර් (McDonald’s Big Mac) මිල – රු. 930/= පමණ
    • වෙනත් සිල්ලර බඩු සඳහා – රු. 1,300/= පමණ (සතියකට)
  • පාඨමාලා ගාස්තු: රු. 607,000/= පමණ (වාර්ෂිකව)
  • බහුලව භාවිතා වන භාෂාව: ප්‍රංශ භාෂාව
  • වීසා බලපත්‍රය: සිසුන්ට පාඨමාලාව අතරතුර සාමාන්‍ය රැකියා කාලයෙන් 60% ක කාලයක් රැකියාවක නිරත විය හැකිය.
  • අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතය: 19%
  • දේශගුණික තත්ත්වය: සෙල්සියස්  අංශක 5-20 අතර

#8 සියුරික්, ස්විස්ටර්ලන්තය (Zurich, Switzerland)

ස්විස්ටර්ලන්තයේ විශාලතම නගරය වන  සියුරික් හි ලොව ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගම් රැසක් ක්‍රියාත්මක වේ. අන් රට වලට සාපේක්ෂව ජීවන වියදම මෙහිදී ඉහළ අගයක් ගනී.

  • ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල: සියුරික් විශ්ව විද්‍යාලය (University of Zurich), ETH Zurich
  • ජීවන වියදම:
    • ප්‍රවාහන – රු. 17,500/= පමණ (මාසිකව)
    • නවාතැන් – රු. 303,000/= පමණ (මාසිකව)
    • බිග් මැක් බර්ගර් (McDonald’s Big Mac) මිල – රු. 930/= පමණ
    • වෙනත් සිල්ලර බඩු සඳහා – රු. 2,800/= පමණ (සතියකට)
  • පාඨමාලා ගාස්තු: රු. 349,000/= පමණ (වාර්ෂිකව)
  • බහුලව භාවිතා වන භාෂාව: ජර්මානු භාෂාව
  • වීසා බලපත්‍රය: යුරෝපා පුරවැසියන්ට අවශ්‍ය නැත.එසේ  නිකුත් කල බලපත්‍ර පාඨමාලා අවසානයෙන් මාස 6 කට පසු අවලංගු වේ. ඉගෙන ගන්නා අතර තුර සතියකට උපරිම වශයෙන් පැය 15 ක කාලයක් රැකියාවක නිරත විය හැකිය
  • අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතය: 27%
  • දේශගුණික තත්ත්වය: සෙල්සියස්  අංශක 0-19 අතර

#9 සිඩ්නි, ඔස්ට්‍රේලියාව (Sydney, Australia)

ඔපෙරා හවුස් වැනි අලංකාර සංචාරක ස්ථාන රැසකින් සමන්විත මෙම නගරය ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරයයි.

  • ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල: සිඩ්නි විශ්ව විද්‍යාලය (University of Sydney), නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය (UNSW Sydney)
  • ජීවන වියදම:
    • ප්‍රවාහන – රු. 23,720/= පමණ (මාසිකව)
    • නවාතැන් – රු. 254,000/= පමණ (මාසිකව)
    • බිග් මැක් බර්ගර් (McDonald’s Big Mac) මිල – රු. 850/= පමණ
    • වෙනත් සිල්ලර බඩු සඳහා – රු. 1,370/= පමණ (සතියකට)
  • පාඨමාලා ගාස්තු: රු. 4,776,000/= පමණ (වාර්ෂිකව)
  • බහුලව භාවිතා වන භාෂාව: ඉංග්‍රීසි භාෂාව
  • වීසා බලපත්‍රය: පාඨමාලා හැදෑරීමෙන් පසු මාස 1-3 අතර කාලයක් ඕස්ට්‍රේලියාව තුළ රැඳී සිටිය හැකිය. ශිෂ්‍ය වීසා බලපත්‍රයෙන් සතියකට පැය 20 ක කාලයක් රැකියාවක නිරත විය හැකිය.
  • අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතය: 30%
  • දේශගුණික තත්ත්වය: සෙල්සියස්  අංශක 13-23 අතර

#10 සෝල්, දකුණු කොරියාව (Seoul, South Korea)

විශ්ව විද්‍යාල 40 කට අධික සංඛ්‍යාවක් පිහිටා ඇති මෙම නගරයේ ජනාධික නගරයක් ලෙස දැක්විය හැකිය.

  • ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල: කොරියා විශ්ව විද්‍යාලය (Korea University), සෝල් ජාතික විශ්ව විද්‍යාලය (Seoul National University)
  • ජීවන වියදම:
    • ප්‍රවාහන – රු. 11,000/= පමණ (මාසිකව)
    • නවාතැන් – රු. 110,000/= පමණ (මාසිකව)
    • බිග් මැක් බර්ගර් (McDonald’s Big Mac) මිල – රු. 740/= පමණ
    • වෙනත් සිල්ලර බඩු සඳහා – රු. 1,590/= පමණ (සතියකට)
  • පාඨමාලා ගාස්තු: රු. 1,178,000/= පමණ (වාර්ෂිකව)
  • බහුලව භාවිතා වන භාෂාව: කොරියානු භාෂාව
  • වීසා බලපත්‍රය: සිසුන්ට පාඨමාලාව අතරතුර රැකියාවක නිරත විය හැකිය.
  • අන්තර්ජාතික ශිෂ්‍ය අනුපාතය: 10%
  • දේශගුණික තත්ත්වය: සෙල්සියස්  අංශක -4 – 24 අතර