නව යොවුන් විය (Teenage) හා තාරුණ්‍යය (Youth) යනු සෑම පුද්ගලයෙකුමට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන අවධියකි. මෙවන් අභියෝගවලට (Challenges) උදාහරණ ලෙස උසස් අධ්‍යාපනික විභාග (College Exams) වලට මුහුණ දීම, ප්‍රථම ආදරය, ප්‍රථම රැකියාව හා රියදුරු බලපත්‍රය (Driving Licence) ලබා ගැනීම හුවා දැක්විය හැකිය. මෙලෙස විවිධ අභියෝග හමුවේ කාංසා තත්ත්වයකට (Anxiety) මුහුණ දීමට සිදුවීම අරුමයක් නොවේ.

කෙටියෙන් පැවසුවහොත්, කාංසාවට මූලිකව හේතු පාදක වනුයේ අවිවේකී චර්යා රටාව, අනාගතය පිළිබඳව ඇති දෙගෙඩියාව, මානසික ආතතිය යි (Stress). ඉක්මනින් විඩාවට පත් වීම, මානසික ඒකාග්‍රතාවය (Concentration) නොමැති වීම, කලබලකාරී හැසිරීම් රටාව, අත් හිරිවැටීම  (Numbness in Hand Movements) යනාදිය කාංසාව හඳුනා ගැනීමේ ලක්ෂණ වේ. මෙවන් තත්වක්දී ඔබට, ඔබ මහා සාගරය මැද අතර මං වී පෙනෙන තෙක් මානයේ උද්වු ඉල්ලීමට පුද්ගලයෙකු හෝ නැවක් නොපෙනෙකු ලෙස හැගෙනු ඇත.

උග්‍ර කාංසා තත්ත්වයකදී තමා හෘදයාබාධකට (Heart Attack) ගොදුරු වීමට ඉඩ ඇති බව වැනි හැගීම් ඇතිවීම, කට සෙලවීමට අපහසු වීම, ශරීරය පුරා විටින් විට සියුම් වේදනාවන් (Tingles) ඇතිවීම හා බිය (Fear) වැනි රෝග ලක්ෂණ (Symptoms) දැක ගත හැකිය. සමහර විටක ඔබ මර්ණාසන්නව සිටින බව ඔබට හැගෙනු ඇත.

කාංසාව යනු සැණෙකින් හට ගන්නා මානසික තත්ත්වයක් නොවේ. මෙය යම් දිගු කලක සිට පවතින මානසික දුර්වලතාවයක ප්‍රතිඵලයකි. උදාහරණ ලෙස සමහරුන් මකුළුවන්ට (Arachnophobia) දක්වන බිය, ප්‍රසිද්ධියේ කතා පැවැත්වීමට ඇති බිය / සබකෝලය (Stage Fright)  දැක්විය හැකිය. මෙවැනි කරුණු පාදක කොට පුද්ගලයන්ගේ ඇතිවන මානසික අවපාතයට (Depression) තුඩු දිය හැකිය. අවපාතය හා කාංසාව එකිනෙකට වෙනස් මානසික තත්ත්වයන් වුවද, කාංසාව, අවපාතයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙසේ කාංසාව කටුක මානසික තත්ත්වයක් වුවද, විටක එය අපට යම් කටයුත්තක් වඩාත් හොඳින් කිරීමට ඍජුව උනන්දු කරවන සාධකයක් වන අවස්ථාද ඇති විය හැකිය. තම දෙමාපියන් විභාග ප්‍රතිඵල කීමේදී ඇතිවිය හැකි බිය පිළිබඳව සිතමින් සිටින විට, එම විභායට හොඳින් පෙනී සිටීමට පෙර සූදානම් වීම මීට කදිම නිදසුනකි. අප සමහර විටක ඉවතලන දෑ, තවත් වේලාවක බෙහෙතට අවශ්‍ය වනබව සිංහල ජනප්‍රවාදයේ පැවත එන ඔවදනකි. එසේ කාංසාවද ඔබගේ ජයග්‍රහණයේ මූලික සළකුණ වන අවස්ථා ඔබට අත්විදීමට හැකිවීම ඉතා සුලභ කරුණක් වනු ඇත. මෙය සායනිකවද (Clinically) සනාථ කොට ඇත.

කාංසාවෙන් පෙලීම ඔබ රෝගියෙකු හෝ නරක පුද්ගලයෙකු ලෙස සළකණු ලැබීමට තුඩු දෙන කරුණක් නොවේ. එය ඔබට ඔබගේ ජීවන රටාව නැවත හරිගස්වා ගැනීමට ලැබෙන අනතුරු ඇඟවීමක් (Warning) ලෙස පෙන්වා දිය හැකිය. මෙය ඕනෑම පුද්ගලයෙකුට මුහුණ දීමට සිදුවිය හැකි සාමාන්‍යය මානසික තත්ත්වයකි. තම ආදර සබඳතාවය නිරපරාදයේ කාලය වැය කිරීමක් ලෙස දැනීම, රැකියාවේදී වෙනදාට වඩා වෙහෙසක් දැනීම යනාදිය කාංසාවේ ප්‍රායෝගික මූල ලක්ෂණ කිහිපයකි. මෙම මානසික තත්ත්වය තමා තුලින්ම පහසුවෙන් කෙටි කාලයක් තුළ නිරාකරණය කර ගත හැකිය. නමුත් එය පාලනය කර ගත නොහැකිබව වැටහුන හොත් මෙම මානසික තත්ත්වය පිලිබඳව තම පවුලේ අය හෝ සමීපතම යහළුවෙන් හෝ මනෝ උපදේශකයෙකු ගෙන් උපදෙස් (Counselling) පැතීම ඉතා යෝග්‍යය වේ. කෙසේ වෙතත් කාංසාවට හේතුවන තම දුර්වලතා හඳුනා ගනිමින් එවා අවම කර ජයග්‍රහණය කරා යොමුවීම, ලොව දිනූ මිනිසුන්ගේ දර්ශණය (Philosophy) වේ.