
අකාබනික රසායනය යටතෙ d ගොනුවෙ අැති Vanadium මූලද්‍රව්‍යයෙ කැටායනවල වර්ණය සහ ඔක්සිකරණ අංකය මතක තබා ගැනීමේ පහසු ක්‍රමයක් පහත දැක්වේ.
53 42 කහ, කොළ, නිල්, දම් (මතක තබාගැනීමට)
V+2 – දම් (තේරුම් ගැනීමෙ පහසුවට)
V+3 – කොළ
V+4 – නිල්
V+5 – කහ
ඉහත අාකාරයටම හයිඩ්රජන් වර්ණාවලියෙ වර්ණද මතක තබා ගත හැක.
H අැල්ෆා – රතු
H බීටා – කොළ
H ගැමා – නිල්
H ඩෙල්ටා – දම්
ඉහත පාඩම් දෙකෙහි වර්ණ සංසන්දනය කිරීමෙදී පහසුවෙන් මතක තබා ගත හැකි බව ඔබට වැටහෙනු අැත.
S ගොනුව (විශේෂ කරුණු)
S ගොනුව යටතෙ ක්ෂාර ලෝහ සහ ක්ෂාරීය පාංශු ලෝහ පිළිබදව කතා කර කරනු ලබයි.
මෙම මූලද්‍රව්‍ය පහන් සිළු පරීක්ෂාවට ලක් කළ විට පහත දැක්වෙන වර්ණයන් පෙන්වයි.
Li – රතු Be – අවර්ණ Ba – අැපල් කොළ
Na – කහ Mg – අවර්ණ
K – දම් Ca – ගඩොල් රතු(තැඹිලි)
Cs – නිල් Sr – ක්‍රිම්සන් රතු
S ගොනුවෙ සියළුම මූලද්‍රව්‍ය ලෝහ වන අතර Be උභයගුණී ලෝහයකි.මෙම ලෝහ ප්‍රතික්‍රියාශීලිත්වයෙන් වැඩිය.ඒ නිසා මෙම මූලද්‍රව්‍ය අාරක්ෂිතව ගබඩා කර අැත.
- Na,K,Ca ද්‍රව පැරෆීන්(අැල්කෙන) වල ගිල්වා තබයි.
- Be හා Mg ඉහත මූලද්‍රව්‍ය තුන මෙන් ප්‍රතික්‍රියාශීලීත්වයක් නොපෙන්වන බැවින් ලෝහය වටා අාරක්ෂක අාලේපයක් ගැල්වීම හෝ ඒහිම ඔක්සයිඩ පටලය මගින් සැලකිය යුතු කාලයක් තබා ගත හැකිය.
වැදගත් කරුණු පහත දැක්වේ.
1.ජලය සමග ප්‍රතික්‍රියාව
- 1 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සියල්ලම ජලය සමග ප්‍රතික්‍රියා කරයි.
- 2 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය අතරින් ,
Be හුමාලය සමග පමණක් ප්‍රතික්‍රියා කරන අතර Mg හුමාලය සහ උණු ජලය යන දෙවර්ගයම සමග ප්‍රතික්‍රියා කරයි. 2 වන කාණ්ඩයේ අනෙක් සියළුම මූලද්‍රව්‍ය සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරයි.
2.වාතය සමග ප්‍රතික්‍රියාව
- 1 හා 2 වන කාණ්ඩයේ සියළුම මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරයි.
- 1 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යවලින් Li ඔක්සයිඩ පමණක්ද,Na ඔක්සයිඩ හා පර්ඔක්සයිඩද,K හා ඊට පහළින් අැති මූලද්‍රව්‍ය ඔක්සයිඩ,පර්ඔක්සයිඩ හා සුපර්ඔක්සයිඩද සාදයි.
- 2 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් Be ඉතා ඉහළ උෂ්ණත්ව යටතේ පමණක් ප්‍රතික්‍රියා කරයි.
- 1 වන කාණ්ඩයේ Li පමණක් නයිට්රජන් සමග ප්‍රතික්‍රියා කරන අතර 2 වන කාණ්ඩයේ සියළුම මුලද්‍රව්‍ය නයිට්රජන් සමග ප්‍රතික්‍රියා කරයි.
- පළමු හා දෙවන කාණ්ඩයෙ සියළුම මූලද්‍රව්‍ය හයිඩ්රජන් සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රයිඩ සාදයි.( BeH2 සහසංයුජ වෙ.)
3.අම්ල සමග ප්රතක්රයාව
- 1 වන හා 2 වන කාණ්ඩයෙ සියළුම ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්රජන් වායුව පිට කරන අතර සාන්ද්‍ර අම්ල හමුවෙ ලේහ ලවණය ,ජල වාෂ්ප සහ H2 වෙනුවට වෙනත් වායුන් ලබා දෙයි.(සාන්ද්‍ර HNO3 හමුවෙ NO2 ද, සාන්ද්‍ර H2SO4 හමුවෙ SO2 ද ලබා දෙයි.)
- නමුත් තනුක HCl මෙන්ම සාන්ද්‍ර HCl හමුවෙ H2 වායුව පිට කරයි.