ප්‍රෝ

2016 වසරේදී බලාපොරොත්තු විය හැකි නව තාක්ෂණික මෙවලම්

2016 නව වසරට තවත් ඇත්තේ මාස කිහිපයකි. එසේ නව  වසර උදාවීමත් සමඟ සියළු දෙනා නව වසරේදී හඳුන්වා දෙන නව තාක්ෂණික මෙවලම් පිළිබඳව දැඩි උනන්දුවක් දක්වනු ලැබේ.
සෑම වර්ෂයකදීම සැම්සුන් (Samsung), ඇපල් (Apple), HTC වැනි ප්‍රධාන පෙළේ සමාගම් විවිධාකාර වූ නව තාක්ෂණික මෙවලම් හදුන්වා දෙති. ඇපල් ස්මාර්ට් වොච් (Apple Smart Watch), සැම්සුන් ගැලක්සි S6 (Samsung Galaxy S6), අයි ෆෝන් 6S (Apple Iphone 6S) සහ තවත් බොහෝ ජනප්‍රිය මෙවලම් හදුන්වාදීම හේතුකොට ගෙන 2015 වර්ෂයද තාක්ෂණ ලෝලීන්ගේ ප්‍රසාදයට ලත් වසරක් විය. තවද සියලුම දෙනාගේ හදවත් තුළ පවතින පැනය වනුයේ, 2015 දී බලාපොරොතු වු පරදි 2106 වර්ෂය තුළ ඉතා ආකර්ෂණීය නව තාක්ෂණික මෙවලම් රැසක් ඔවුන් හට හිමිවේද, යන්නයි. මෙලෙස 2016 වසර තුළ නිකුත් වීමට නියමිත නව තාක්ෂණික මෙවලම් කිහිපයක් පහත දැක්වේ.

පාපැදිය (E-Bike)

ලොකයේ බොහෝ රටවල්, තම රටේ පරිසර හිතකාමීත්වය වර්ධනය කිරීමට උත්සාහ දරනු ලැබේ. ඒ සඳහා විසදුමක් ලෙස බොහෝ දෙනා පොදු ප්‍රවාහන සේවා භාවිතයටත්, ඉන්ධන භාවිතයෙන් තොර වාහන භාවිතයටත් හුරු පුරුදු වී ඇත. පාපැදිය යනු ඉන්ධන භාවිතයකින් තොර ඉතා කර්යක්ෂම මාදිලියේ ප්‍රවාහන ක්‍රමයකි. ඊ-පාපැදිය යනු මෑතදී හදුන්වාදුන් නව සංකල්පයකි. මෙම පාපැදි වර්ගය සැණෙකින් හකුලා දැමිය හැකි ප්‍රථම “ස්මාර්ට්” පාපැදි මාදිලියයි. මෙහි ඇති ආකර්ෂණීයම ලක්ෂණය වනුයේ, මෙය හකුලා එහා මෙහා ගෙන යා හැකි වීමයි. එබැවින් ඔබට පාපැදිය ගාල් කිරීමට ආරක්ෂාකාරී ස්ථාන සොයා වෙහෙසීමට අවශ්‍ය නොවේ. ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානායකට පාපැදිය හැකිලීමෙන් අනතුරුව ගෙන යා හැකිය. මෙම පාපැදිය තුළ විදුලි පහන්, අඟුල් වලට අමතරව ජී.පී.එස්. සංචලනය පද්ධතිද (GPS navigation systems) අඩංගු වේ. එලෙසම මෙම පාපැදියට නිර්මාණය කර තිබෙන ජංගම දුරකථන මෘදුකාංගය භාවිතයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රියතම මාර්ග හුවමාරු කිරීමටත්, පාපැදියෙන් ගමන් කළ දුර ප්‍රමාණය ගණනය කිර්මේ හැකියාවද පවතී.ඊට අමතරව මෙම පාපැදි භාවිතා කරන්නන්ට ටයර් සිදුරු වීම කෙරෙහි සැළකිලිමත් වීමට සිදු නොවේ, මන්ද මෙම පාපැදියෙහි සිදුරු විරෝධී ටයර් (Anti Puncture Tires) පවතින බැවිනි. පාපදිය තුළ ජංගම දුරකථන සඳහා USB චාජරයක් හා අරක්ෂක පටියක්ද (Belt Drive) අඩංගු වේ. මෙම ඉ-පාපැදි මිලදී ගැනිමට ඇණ්වුම් භාර ගැනීම 2016 වසරෙහි ගිම්හාන කාලයේ සිට ආරම්භ වනු ඇත.

හෝලෝලෙන්ස් (Hololens)

හෝලෝලෙන්ස් යනු ASUS සමාගම විසින් 2016 වසර තුළ එළි දැක්වීමට නියමිත නව තාක්ෂණික මෙවලමකි. මෙවැනි උපකරණයක් නිර්මාණයට පළමුවෙන් උත්සාහ ගනු ලැබූයේ මයික්‍රෝසොෆ්ට් (Microsoft) සමාගම විසිනි. වර්තමානයේ ASUS සමාගම හෝලෝලෙන්ස් හි සිය සංස්කරණය එළි දැක්වීමට අවශ්‍යව ඇත. මෙම මෙවලම් මගින් 3D රූප රාමු  නැරඹීම හා රූප රාමු ලේයර්ගත කිරීම සිදුකල හැකි අතර එමගින් සැබෑ ලොකයේ දර්ශනයක් ලෙස රූප රාමු නැරඹීමේ හැකියාවක් හිමි වේ. දැන මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම උපකරණ සිය වෙළඳපොළට නිකුත් කර නොමැති අතර, සමහරවිට ASUS සමාගම විසින් 2016 වසර තුළදී මෙය වෙළඳපොළට හදුන්වා දීමට බොහෝ සම්භාවීතවයක් ඇත. හෝලෝලෙන්ස් උපකරණයට සැබෑ ලොකයේ දසුන් වැනි 3D රූප සැකසීමේ හැකියාවක් පවතින අතර ඒ සඳහා භාවිතා කල හැකි විවිධ උපාංග වලින්ද සමන්විත වේ. අවසාන වශයෙන් මෙහි ඉතා පුදුමා කාර අත්දැකීමක් ලබා දීමට සමත් සංවේදක පද්ධති (Sensors)  රාශියක් අඩංගු වේ. මෙම උපකරණය භාවිතයට ඇඟිලි ගනිමින් සිටින්න.

සැම්සුන්හි නැමිය හැකි ජංගම දුරකථනය (Foldable Phone by Samsung)

සැම්සුන් (Samsung) සමාගම විසින් ලොව ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය (Flexible Phone)හදුන්වාදීමට සැරසෙන බවට තාක්ෂණික ලොව තුළ කටකතා පැතිරෙමින් පවතී. මෙම නව උපාංග මාදිලිය 2016 වසර තුළ නිකුත් වීමට වැඩි අවස්ථාවක් ඇත. මෙහි සුවිශේෂී ලක්ෂණය වනුයේ එය කැමති ආකාරයට නැමිය හැකි වීමයි. ඊට අමතරව මෙහි ඉතා අඩු ස්කන්ධයක් (Lightweight) පවතීමද වැදගත් වේ. මෙයද 2016 වසර තුළ තාක්ෂණික ලොවෙහි තවත් එක් බලාපොරත්තුවකි.

නයික් හි ස්වයං-පටි බැදීමේ පාවහන් (Nike’s Self-Lacing Sneakers)

2016 වසන්ත සමයේදී ලොව සුප්‍රසිද්ධ නයික් (Nike) සමාගම විසින් “Back to Future” යන ස්වංක්‍රීයව පටි බැඳීමේ පාවහන් යුගල හදුන්වාදීමට නියමිතය. මෙම පාවහන් ආබාධිත පුද්ගලයන්ට හා පාවහන් පටි ගැටගැසිමේ අසීරුතා පවතින අයට ඉතා වැදගත් වනු ඇත. මෙම සුවිශේෂි පාවහන් මිනිස් ජීවිතය තවත් පහසු කරන බවට නොඅනුමානය.

සමුගනිමු 2015 වෙන් පිළිගනිමු 2016!

2015 වසරට සමුදෙන  මේ කාලයේ අපි 2016 වසර සතුටින් පිළිගනිමු. මීළඟ වසර තුළ නව තාක්ෂණික මෙවලම් රාශියක් නිකුත් කිරීමට සැළසුම් කොට ඇත. ඉන් ඉතා සුවිශේෂී උපාංග කිහිපයක් ඉහත විස්තර කොට ඇත. එම මෙවලම් පෙර නොවූ විරූ ලක්ෂණ වලින් සමන්විත විශ්මය දනවන මාදිලියේ මෙවලම් වේ.  සමහර මෙවලම් පරිසර සංරක්ෂණයට හේතු පාදක වන අතර, තවත් කොටසක් ආබාධි පුද්ගලයන්ට උපකාරී වේ.මෙම සියළු නව තාක්ෂණික මෙවලම් Kaymu, Amazon සහ EBay වැනි වෙළඳ වෙබ් අඩවි වලින් මිල දී ගැනීමට හැකි වනු ඇත. තවත් බොහෝ වෙළඳ නාම යටතේ නව මෙවලම් නිකුත් වීමට නියමිතය. එම නව උපාංග වෙළඳ පොළට නිකුත් කරන තුරු අපි ඉවසීමෙන් සිටිමු. එසේ එම මෙවලම් වෙළඳ පොළට නිකුත් වූ පසු සියළු දෙනාට ප්‍රථමයෙන් ඔබට අන්තර්ජාල වෙළඳ වෙබ් අඩවි (online marketplaces) ඔස්සේ ඇණවුම් කර ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.
Comments

ප්‍රසිද්ධ ලිපි

AdvertisementCloudways Managed hosting
To Top