ඔබත් පුදුමාකාර යෝගා (Yoga) ශාස්ත්‍රය ඉගෙනීමට අවධානය යොමු කරන්නෙක් නම්, යෝගා අභ්‍යාසයන්හි නිරත වන විට ඇඳිය යුතු ඇඳුම් වර්ග මොනවාදැයි යන්න ඔබට පවතින ගැටළුවක් විය හැකිය. මෙලෙස යෝගා සඳහා ඇඳුම් තෝරා ගැනීමේදී සාමාන්‍යයෙන් සැළකිය යුතු කරුණු මෙම ලිපිය මගින් ඔබට දැන ගැනීමට හැකි වනු ඇත.

ඇත්තටම යෝගා කියන්නේ ප්‍රායෝගිකව නිරතවිය හැකි දර්ශණයක් (Philosophy). තවත් ආකාරයකින් කියතොත්, ඔබගේ ගත (Body) හා ප්‍රාණය (Soul) එකට එක් කල හැකි ක්‍රියාවලියක්. මෙබැවින් යෝගා වල නිරත වන විට ඔබගේ ඇඳුම් ශරීරයට ඉතා පහසු හා සැහැල්ලු විය යුතුය.

මූලික වශයෙන් යෝගා සඳහා ඇඳුමක් තෝරා ගන්නා විට සැළකිය යුතු කරුණු දෙකක් පවතී. ඒවා නම්,

  • ඇඳ සිටී මට ඉතා පහසු වීම (Convenience)
  • පහසුවෙන් ශරීරය චලනය කිරීමට ඉඩ ලබා දීම (Freedom for Movement)
  • දහඩියට (Sweat) ඔරොත්තුදීමේ  හැකියාව

ඊට අමතරව මෙම ඇඳුම් ඉතා ශක්තිමත් (Sturdy) සහ  ස්වාභාවික අමුදෘව්‍යයන් (Natural Materials) ගෙන් සැදුම්ලත් වූවක් විය යුතුය.

ඉහත කරුණු සලකා බැලීමෙන් පසු පහත ඇඳුම් වර්ග කාන්තාවන්ට හා පිරිමින්ට වෙන් වශයෙන් යෝගා අභ්‍යාසයන්හි නිරත වන විට ඇඳ සිටීම යෝග්‍ය වේ.

යෝගා අභ්‍යාසයන්හි නිරත වන විට කාන්තාවන්ට ඇඳීමට සුදුසු  ඇඳුම් වර්ග

ක්‍රීඩා බ්‍රා (Sports Bra)

ක්‍රීඩා බ්‍රා

බ්‍රා වර්ග අතරින් යෝගා කිරීමේදී ඇඳීමට සුදුසුම බ්‍රා වර්ගය නම් ක්‍රීඩා බ්‍රා ය. එබැවින් යෝගා අභ්‍යාසයන්හි නියැලීමට පෙර කාන්තාවක් තෝරාගත යුතු ප්‍රථම අයිතම නම් හොඳ ක්‍රීඩා බ්‍රා එකක් ය. මෙහිදී හොඳ ක්‍රීඩා බ්‍රා එකක් ලෙස නම් කරණු ලබන්නේ බ්‍රා එක මගින් පපු ප්‍රදේශයට (Breast) ලබා දෙන ආධාරය (Supportive) හා පුළුල් ආවරණය (Coverage) යි. මන්ද එසේ නොමැති වුවහොත් අභ්‍යාසයන් අතර තුර ඔබගේ පපු ප්‍රදේශය ඔබට බාධාවක් විය හැකි බැවිනි.

කෙසේ වෙතත් ක්‍රීඩා බ්‍රා එක දිවිමේදී ලබා දිය යුතු තරම් ආධාරයක් ලබා දීමට අවශ්‍ය නොවන අතර එක තැනක බාධාවකින් තොරව රැදී සිටීමට අවකාශය ලබාදීම ප්‍රමාණවත්වේ. ඊට අමතරව ඔබගේ බ්‍රා එක අභ්‍යාසයන්හි නිරත වන විට ඔබගේ අවධානයට නොලක් වන පරිදි සැහැල්ලු හා ශරීරයට සැප පහසු විය යුතුය.

යෝගා කලිසම් (Yoga Pants) හෝ ලෙගින්ස් (Leggings)

යෝගා ලෙගින්ස්

යෝගා අභ්‍යාසයන්හි නිරත වීමේදී සිරුරට සිර ලෙස ලෙගින්ස් එකක් හෝ ඊට වඩා තරමක් සිරුරට ලිහිල් වූ යෝගා කලිසමක් ඇඳීම ඔබගේ කැමැත්ත අනුව ගත යුතු තීරණය කි. මීට‍ වසර 10 කට පමණ සිට ලෙගින්ස් වාඩාත්ම ප්‍රචලිත තේරීම වූ අතර අද වන විට වෙළඳ පොළ තුළ බහුලවම සංසරණය වන තේරීම නම් යෝගා වලටම විශේෂයෙන් නිර්මාණය කොට ඇති යෝගා ලෙගින්ස් ය.

යෝගා කමිස (Yoga Tops)

යෝගා කමිස

ඔබ ඕනෑම සැහැල්ලු කමිසයක් මීට යෝග්‍යය වේ. නමුත් සමහර යෝගා ආසන වලදී ඔබගේ හිස පහතට වන පරිදි සිටීමට ඔබට සිදුවේ. එබැවින් ශරීරයට තරමක් තද හා නම්‍යශීලී කමිස තෝරා ගැනීම වඩාත් උචිත වේ.

යෝගා අභ්‍යාසයන්හි නිරත වන විට පිරිමින්ට ඇඳීමට සුදුසු  ඇඳුම් වර්ග

යෝගා කමිස (Yoga Tops)

යෝගා කමිස

පිරිමින්ටද ඕනෑම සැහැල්ලු හා ශරීරයට තරමක් තද කමිසයක් යෝගා අභ්‍යාසයන්හි යෙදෙන විට පැළදිය හැකිය. අත් නොමැති කමිස () මීට වඩාත් උචිත වේ.

යෝගා කොට කලිසම් (Yoga Shorts)

යෝගා කලිසම්

සැහැල්ලු ක්‍රීඩා සඳහා නිර්මාණය කරන ලද කොට කලිසම් යෝගා සඳහා ඉතා කදිම වේ. කොට කලිසම් ඔබගේ නම්‍යශීලීත්වයට උපකාරී වේ. මෙම කලිසම් ශරීරයට තද වන සේ පැළදීමට ඉණ ලණුවක් (Waist Band) උපයෝගී වේ.

 යෝගා කලිසම් (Yoga Pants)

උදෑසන දිවීමට පළදින කලිසම් (Jogging Trouser), ඉතා බහුලව භාවිත වන පිරිමි යෝගා ඇඳුම් තේරීමකි. මෙහිදී කලිසම සාදා ඇති රෙදි වර්ගයේ දහඩිය උරා ගැනීමේ හැකියාව පිලිබඳ අවධානය යොමු කල යුතුය.

මීට අමතරව ස්ත්‍රී හා පුරුෂ භේදයකින් තොරව යෝගා කරන විට යෝගා පැදුරක් (Yoga Mat) භාවිතය ඉතා වැදගත් වේ.

යෝගා පැදුරක්