Amazon, Ebay වගේම Dresslily කියන්නෙත් අන්තර්ජාලයෙන් ඇදුම් පැලදුම් මිලදී ගන්න පුලුවන් වෙබ් අඩවියකි. ලෝකය පුරාම ඉන්න ඕනම කෙනෙක්ට මෙම වෙබ් අඩවියෙන්, එහි තිබන අලංකාර මෙන්ම උසස් තත්වයේ නිෂ්පාදන මුදල් ගෙවා ගෙදරටම ගෙන්වා ගත හැකිය. මොවුන්ගේ නිෂ්පාදන එකතුව කාන්තා මෙන්ම පිරිමි ඇදුම්, සපත්තු, ආභරණ, ඔරලෝසු හා බෑග් වලින් සමන්විත වේ. ඉතා ඉහල මට්ටමේ පාරිභෝගික සේවා ලබා දෙන මෙම වෙබ් සේවාව මගින් ඔබගේ විලාසිතාත්මක අවශ්‍යතා සපුරා ගැනීමට හේතු 7 ක් අපි මෙම ලිපිය තුලින් ගෙන හැර දැක්වීමට සූදානම් වන්නෙමු.

1. ඉතා සාධාරණ මිල ගණන්

Dresslily හි භාණ්ඩ රැසක් එක්වර මිලදී ගන්නා විට විශේෂ වට්ටම් ඔබට හිමිකර ගත හැකිය. එමගින්, අඩු මුදලකට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීමට ඔබට ඉඩ ප්‍රස්ථාව හිමිවේ. එලෙසම මෙහි පවතින දහස් ගණනක් වූ නිෂ්පාදන මාදිලිවල, ලාභ මිල ගණන් ඔබගේ අවදානය ලබා ගැනීම අරුමක් නොවේ.

2. ඇදුම් තේරීම ඉතා ලෙහෙසියි

වෙළෙඳ පොලේ පවතින නව ප්‍රවණතා අනුව සකසන ලද නිෂ්පාදන නිතරම Dresslily ඔබගේ අවදානයට යොමු කරනු ඇත. මෙමගින් ඔබගේ සිතැඟි ඇදුම් ආයිත්තම් සොයා ගැනීම ඉතා පහසු කටයුත්තක් වේ.

3. හැමවිටම නැවුම් නිෂ්පාදන

Dresslily දෛනිකව නව නිෂ්පාදන ඔවුන්ගේ එකතුවට අතුළත් කරනු ලැබේ. මෙබැවින් ඔබට ඉතා නවතම භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ ලබා දෙනු ඇත.

4. ඉක්මනින් භාණ්ඩ ලබා ගත හැකිවීම හා සුරක්ෂිතභාවය

අන්තර්ජාතිකව ඉහල මට්ටමේ භාණ්ඩ හුවමාරුකරුවන් වන DHL, UPS, EMS මගින් Dresslily මිලදී ගැනීම් ඔබවෙත රැගෙන එනු ලබනු ඇත. එලෙසම් ඔවුන්ගේ සුරක්ෂිත ඇසුරුම් කිරීමේ උපක්‍රම නිසා භාණ්ඩවලට කිසිඳු හානියක් නොවනු ඇත. මෙම සේවා, ශ්‍රී ලංකාව අතුළු රටවල් 200 කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක වේ.

5. තෑගි

උත්සව සම්යන්හි  Dresslily  වෙතින් ලබා දෙන ඇදහිය නොහැකි වට්ටම්, ඔවුන් පාරිභෝගික අපට ලබා දෙන ත්‍යාගයන් ලෙස දැක්වීමට පුළුවන. විටක ඔවුන් 85% කින් පමණ සිය මිල ගණන්, වට්ටම් ලෙස පහත හෙළෙනු ඇත. නත්තල් සමය, Black Friday, ආදරවන්තයින්ගේ දිනය වැනි අවස්ථාවල මෙවැනි විශේෂ වට්ටම් ඔබට හිමි කර ගත හැකි වනු ඇත.

6. ඔබට සරිලන ප්‍රමාණයේ ඇදුම් පැවතීම

සෑම කෙනෙකුගේම ශරීරයේ ප්‍රමාණය සමාන නොවේ. එය විටක S හෝ XXL ද විය හැකිය. වසර ගණනක් සිය පාරිභෝගික අවශ්‍යතා විශිෂ්ට ලෙස තෘප්තිමත් කල Dresslily හි අදුම් මිල දී ගැනීමේදී ඔබට ඔබගේ ශරීර ප්‍රමාණයට ඉතාමත් ගැලපෙන ඇදුම් තොරා ගත හැකිවනු ඇත. එලෙසම ඔවුන්ගේ ප්‍රමාණ වගුවන් හා මගපෙන්වීම් ( Size and Fit Guides ) පහසුවෙන් තේරුම් ගත හැකිය.

7. සුහදශීලී පාරිභෝගික සහාය සේවාව

ඔබ භාණ්ඩයක් මිල දී ගැනීමට පෙර හෝ පසු Dresslily හි පාරිභෝගික සහායකයින් ගෙන් භාණ්ඩ පිළිබඳ හෝ ලබා ගැනීම පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් e-Mail මගින් හෝ එවලේම (Online chat) අසා නිරාකරණය කර ගත හැකිය.

ඉතින් මේ ඔබේ අවස්ථාවයි. Dresslily භාවිතා කර ඔබගේ අත්දැකීම පහත ප්‍රතිචාර මාර්ගයෙන් අපටත්  දන්වන්න.