යෝගා සංචාරක කර්මාන්තය (yoga travel industry) වර්තමානයේ ඉතා සීඝ්‍රයෙන් වර්ධනයට ලක්වන කර්මාන්තයකි. ඊට හේතුව, ඉතා නිස්කලංක පරිසරයක යෝගා අභ්‍යාසවල යෙදීමට සංචාරකයින් තුළ ඇති අධ්‍යාත්මික අවශ්‍යතාවය හෝ කුතුහලයයි. මේ අතර තවත් අයෙකුට, හුදෙක් යෝගා තුළින් සිය ආත්මීක හා ශාරීරික යහපවැත්ම ලාබා ගැනීමට වඩා එම දර්ශනය ගුරුවරයෙක් (yoga teacher) ලෙස තවත් අයෙකුට උගැන්වීමට, තම දැනුම වර්ධනය කිරීමට හෝ එම ශිල්පය මුල සිට නිවරදිව හැදෑරීමට අවශ්‍යය විය හැකිය.

නමුත් ඒ සඳහා යෝගා පදනම් කරගත් සංස්කෘතියක් හා යටිතල පහසුකම් සහිත පරිසරයකට යාම උචිත වේ. මෙම ලිපියෙන් අප මෙලොව ඇති ප්‍රසිද්ධම යෝගා ස්ථාන 5 ක් ඔබට ගෙන හැර දැක්වීමට සූදානම්.

1. ඉන්දියාව (India)

යෝගා ඉගෙනීමට ඇති හොඳම තැන ඉන්දියාව වීම අරුමයක් නොවේ, මන්ද නූතන යෝගා ශිල්පයේ පියා ලෙස සැලකෙන තිරුමලායි ක්‍රිශ්නාමචර්යා (Tirumalai Krishnamacharya) ද ඉන්දියාවේ ජීවත් වූවෙකි. යෝගා පාසල් හා ආශ්‍රම (ashrams) සියයකින් පමණ සමන්විත වීම මෙරට යෝගා ඉගෙනීමට වඩාත්ම උචිත ස්ථානය බව පසක් කරනු ලබයි.

2. බාලි දිවයින (Bali)

දෙවියන්ගේ දූපත (Island of Gods) ලෙස හඳුන්වනු ලබන බාලි දිවයින, ඉන්දුනීසියාවට (Indonesia)  අයත් සංචාරක පාරාදීසයකි. භාවනා යොගී නිවාඩුවකට ඉතා උචිත මෙම දූපත ගිනි කඳු වලින්ද සමන්විත වේ.

3. ලොස් ඇන්ජලීස් (Los Angeles)

යෝගා, ආසියාතික (Asia) කලාපයෙන් නිර්මාණය වූවත් වෘර්තීය මට්ටමේ හොඳම යෝගා ගුරුවරුන්ගේ නිවහන වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ (USA) ලොස් අන්ජලීස් නගරයයි. මෙම නගරය තුළ දී යෝගා පන්තියක් සොයා ගැනීම ඉතාමත් පහසු කටයුත්තකි.

4. කොහ සැමුවයි (Koh Samui)

තායිලන්තයේ (Thailand) දෙවැනියට විශාලතම දූපත වන මෙහි යෝගා ඉගෙනීමට අවශ්‍යය ගුරුවරු හා නිස්කලංක පරිසරය පවතී. වෙරළාශ්‍රිත පරිසරයක මිහිර විදගනිමින් යෝගා අභ්‍යාස පුහුණු වීමට සැමුවයි කදිම ස්ථානයකි.

5. කේප් ටවුන් (Cape Town)

ස්වකීය යෝගා  සංස්කෘතියක් හිමි දකුණු අප්‍රිකාවේ (South Africa) අගනුවර වන කේප් ටවුන් ඉතා අලංකාර නගරයෙකි. ඉතා සෞම්‍යය දේශගුණයක් උරුම මෙම නගරයේ යෝගා ඉගෙනීම හා ජීවන වියදම ද ආර්ථිකමය වශයෙන් වාසිදායක වේ.

යෝගා යනු ඔබට ඕනෑම ස්ථානයක සිට නිරත විය හැකි ක්‍රියාකාරකමක් වූවද, එය නිවරදිව වෘත්තීය මට්ටමෙන් ඉගෙනීමට නම් ඉහත කී ස්ථානයක් තෝරා ගැනීම ඔබගේ සාර්ථකත්වයට හේතු පාධක විය හැකිය.