කළමනාකරණය යන්න සරල ලෙස නිර්වචනය කලහොත් එය “කළ”“මනා”“කරණය” ලෙස අර්ථ දැක්විය හැකිය. එනම් කලයුතු දෙය මනාව ඉටු කිරීමයි. කළමනාකරණය දිනෙන් දින වෙනස් වන ගතික ස්වභාවයකින් යුතු ඉතා ප්‍රායෝගික ක්‍රම ශිල්පයකි.

මෙහි ආරම්භය සහ විකාශය රසවත් මෙන්ම ඉතා හරවත්ය. කළමනාකරණ චින්තනය බොහෝ අතීතයට දිවයන බව අතීත සාක්ෂි වලින් ඔප්පු වී ඇත. සම්භාව්‍ය කළමනාකරණ ප්‍රවේශය (Classical Approach to Management) තුල සාකච්ඡා කරන ලද කරුණු අතර මූලික වූයේ අනම්‍ය නීති රීති ,සේවකයන් තප්තිමත් කිරීම සදහා මුදල් භාවිතය කුමන ක්‍රමයකින් හෝ කාර්යක්ෂමතාව ඉහල නැංවීම වැනි කරුණුය. එකී සංකල්ප යොදා ගනිමින් ව්‍යාපාරයට ලාභ ලැබිය හැකි බවත් ආයතන පරමාර්ථයන් කරා ලගාවීම සදහා සේවකයන්ට බලපෑම් කල හැකි බවත් පෙන්වා දෙන ලදී. අරමුණු ඉටුකර ගැනීම සදහා සේවකයන් ක්‍රියාකාරී වීම සේවක චර්යාව (behaviour) ලෙස හදුන්වයි. එම චර්යාව ලබා ගැනීම සදහා සම්භාව්‍ය විද්‍යාඥයින් යෝජනා කරන ලද්දේ මුදල් සංකල්පය යොදාගත යුතු බවයි.නව සම්භාව්‍ය න්‍යාය තුළින් සම්භාව්‍ය න්‍යායවල ඇති ප්‍රධාන දුර්වලතාවයන් මගහරවා ගැනීමට උත්සාහ කර ඇත.සමාජවිද්‍යාව හා මනෝවිද්‍යාව වැනි චර්යාත්මක විද්‍යාවන් උපයෝගි කර ගනිමින් නව සම්සම්භාව්‍ය න්‍යායන් තුළින් සම්ප්‍රදායික ආයතනික න්‍යාය ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත.එම නිසා මෙය චර්යාත්මක ප්‍රවේශය ලෙස හදුන්වයි.

මායෝගේ දර්ශනය ​

මිනිසා යනු “සාමාජිය සත්වයෙකි”. මුදල් හෝ අනෙකුත් ඕනෑම සාධකයකට වඩා මිනිසුන්ගේ සාමාජිය සම්බන්ධතා පිළිබඳ අවශ්‍යතාවයන් ප්‍රබල වේ.(ආදරය අවධානය, මිත්ත්‍රත්වය) එම නිසා ඔහුගේ සාමාජිය අවශ්‍යතා (රැකියා මත සම්බන්ධතා) තෘප්තිමත් කිරීමෙන් ඔහුව වැඩ කිරීමට පෙළඹවිය හැක.අභිප්‍රේරණය කළ හැක .ආයතනයක වැඩ කිරීම තනි පුද්ගලයෙකු ලෙස ඉටු කරන කාර්යයක් නොවේ.එය කණ්ඩායමක් ලෙස ඉටුකරන කණ්ඩායම් කාර්යයකි.(group work).එම නිසා ආයතනය තුළදී සේවකයන් / මිනිසුන් කණ්ඩායම් ලෙස වැඩ කරයි.මෙම කණ්ඩායම් කළමනාකරණය විසින් නිර්මාණය කරන ලද විධිමත් කණ්ඩායම් වීම අනිවාර්ය නැත .විශේෂයෙන්ම ආයතනය තුළ දක්නට ලැබෙන අවිධිමත් සංවිධාන සේවකයන් කටයුතු කරන ආකාරය කෙරෙහි විශාල බලපෑමක් හා පාලනයක් ඇති කරයි.එම නිසා සේවකයෙකු විසින් ඉටුකරනු ලබන වැඩ ප්‍රමාණය තීරණය වන්නේ ඔවුන්ගේ ශාරීරික හැකියාවන් මත නොව කණ්ඩායම් ආකල්ප මත වේ.

මායෝ – ජීව දත්ත තොරතුරු

*ඕස්ට්‍රේලියාවේදී උපත ලැබීය.*ඇමරිකාවට සංක්‍රමණය විය.

*හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කාර්මික පර්යේෂණය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය .

*මනෝවිද්‍යාඥයකු විය .

*වැඩ පරිසර සාධකයන්ගේ (ආලෝකය ,වැටුප්,විවේක කාලයන්,වැඩ දිනක දිග වැනි ) වෙනස්වීම් ඵලදායකත්වය සඳහා ඇතිකරන බලපෑම සොයාබැලීම සදහා පර්යේෂණ රාශියක් කරන ලදී .ඇමරිකාවේ චිකාගෝහි Western Electric Company නැමති ආයතනයේ හෝතෝන් (hawthone) කර්මාන්ත ශාලාවේ කරන ලද පරීක්ෂණයක් මෙහි මුල් තැනක් ගනී.

*අවසානයේ මෙම පරීක්ෂණ අහඹු සොයා ගැනීමකට මග පෑදීය.මෙම සොයාගැනීම වූයේ විශේෂ අවධානයක් ලද සේවකයන් එම විශේෂ අවධානය ලැබීමට හේතුව නිසාම වඩා හොඳින් වැඩ කිරීමට පෙළඹෙන බවයි.පසුව මායෝ විසින් මෙම තත්ත්වය “හෝතෝන් ඵලය “ (hawthone effect ) ලෙස නම් කරන ලදී.

පුද්ගල චර්යාවන් සම්බන්ධව අදහස් ඉදිරිපත් කල විද්‍යාඥයින් කිහිප දෙනෙකි.

​ඒබ්‍රහම් මැස්ලෝ

ෆෙඩ්රික් හර්ස්බර්ග්
ඩේවිඩ් සී. මැක්ලිලන්ඩ්
ඩග්ලස් මැක්ග්‍රේගර්