සෑම ව්‍යාපාරිකයෙක්ම පාහේ නිරන්තරයෙන් සිය ව්‍යාපාරය (Business) ඊළඟ අදියරට රැගෙන ගොස් සාර්ථකත්වය උදාකර ගැනීමට වෙර දැරීම සාමාන්‍යය කරුණකි. කෙසේවෙතත්, එය බොහෝ කාලයක්, මුදලක් හා ශ්‍රමයක් වැයවන අඛණ්ඩ ක්‍රියාවලිකි. නමුත් අවසානයේ ලබා ගත හැකි වැඩි ලාභය (Profit) හා කීර්ති නාමය හේතු කොට ව්‍යාපරිකයෝ මෙසේ සිය ව්‍යාපාර අඛණ්ඩව වැඩි දියුණු කිරීමට යොමු වෙති.

සමහර අවස්ථා වලදී ව්‍යාපාරයක් ඊළඟ අදියර කරා ගෙන යාම ඉතා අසීරු කර්තව්‍යක් විය හැකිය. එහෙත් ඕනෑම කර්මාතයක නියලී සිටින ආයතනයක් පහසුවෙන් විශාල වෙනසකට භාජනය කිරීමට පහත පියවර අනුගමනය කිරීමට පිළිවන.  

නව තාක්ෂණය හා තාක්ෂණික මෙවලම් භාවිතයට ගන්න

ව්‍යාපාරයක බොහෝ එදිනෙදා කටයුතු තාක්ෂණය (Technology), යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් පහසුවෙන් ඉටුකල හැකිය. මෙම තාක්ෂණය හා උපකරණ ඉතාමත් වේගයෙන් වැඩි දියුණු වන ක්ෂේත්‍ර වන අතර නවතම තාක්ෂණය හා ඊට සම්බන්දිත උපකරණ මිලදී ගැනීම හා ව්‍යාපාරය තුල ඒවා ස්ථාපිත කිරීම විටක ඉධික විදමක් (Expense) වැයවෙන කටයුත්තක් විය හැකිය. එනමුත්, නිෂ්පාදිතයන්ගේ (Products) ගුණාතමක භාවය වැඩිවීම, ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය (Efficiency)  වර්ධනය වීම වැනි කරුණු හේතු පාදක කොටගෙන නව තාක්ෂණයන් සිය ව්‍යාපාරවලට මුසු කිරීමට ලොකු කුඩා සියළු ව්‍යාපරිකයින් සිය අවධානය කිරීම සිදු කරනු ලැබේ.

ඔබගේ කාර්ය මණ්ඩලය පුළුල් කරන්න

ඕනෑම ව්‍යාපාරයක් පණ ගන්වනු ලබන්නේ එහි ශ්‍රම බලකාය (Workforce) විසිනි. ව්‍යාපරිකයෙකු සැමවිටම සිය කාර්ය මණ්ඩලය (Staff), දක්ෂ, පුහුණු, උද්යෝගීමත් හා ආයතනයේ සාර්ථකත්වට වෙහෙසෙන පුද්ගලයන්ගෙන් සමන්විත වූවක් බවට තහවුරු කරගත යුතුය. ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සැමවිටම අදාළ විශය ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් (Specialists) බදවා ගෙන ඉතා කාර්යක්ෂම කාර්ය මඩුල්ලක් පවත්වා ගැනීම ව්‍යාපාරයක් ඉදිරියට ගෙනයාමට හේතු පාදක වන කරුණක් ලෙස හුවා දැක්විය හැකිය.

සාමූහිකව වැඩකිරීමේ හැකියාව වැඩි දියුණු කරන්න

ව්‍යාපාරක් ලෙස කටයුතු කිරීමේදී සාමූහිකත්වය (Teamwork) ව්‍යාපාරික ශක්යතාවයට දැඩිව බලපාන සාධකයකි. සේවකයන්ගේ සාමූහිකත්වය වර්ධනය කිරීමට කණ්ඩායම් ක්‍රියාකාරකම් වල නිරත කරවීම, විවෘත කර්යාල පරිසරයක් නිර්මාණය කිරීම, ව්‍යාපෘති කළමණාකරණ (Project Management) වැඩසටහන් පැවත්වීම වනි ක්‍රියාමාර්ග දැක්විය හැකිය.

ආයතනයේ පාරිභෝගික සේවාව වැඩි දියුණු කරන්න

පාරිභෝගික සේවාව (Customer Service), බොහොමයක් ආයතන විශේෂයෙන් නොසලකා හරින අංශයක් ලෙස දැක්විය හැකිය. ඔබගේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කලද එහි වටිනාකම පිළිබඳව පාරිභෝගිකයා දැනුම්වත් නොවුනහොත් හෝ ඔබගේ නිෂ්පාදන භාවිතය පිළිබඳ ගැටළු ඇති වුවහොත් එක් වරක් නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයෙකු නැවතත් ඔබගේ නිෂ්පාදන මිලදී නොගැනීමට ඉඩ ඇත. පාරිභෝගික සේවාවක්තිලින් ඔබට එවැනි තත්ත්ව පහසුවෙන් සමනය කර ඔබගේ නිෂ්පාදන පිළිබඳ මනා උපදේශනයක් පාරිභෝගිකයාට ලබා දීමට ඉඩ ප්‍රස්ථාව ගොඩ නංවනු ඇත. පාරිභෝගික සේවාව තුළ පාරිභෝගිකයන්ට සුහදශීලීව හා යුහුසුලුව ප්‍රතිචාර දැක්වීමෙන් ඔබගේ ව්‍යාපාරයේ විකුණුම් මෙන්ම වෙළෙඳ නාමයද වර්ධනය කර ගත හැකිය.

අඛණ්ඩ ඉගෙනුම් ක්‍රියාවලිය

නව උපක්‍රම හා දැනුම උපයෝගී කොට සිය ව්‍යාපරය දියුණු කිරීමට මංපෙත් විවර කර ගැනීම යහපත් ව්‍යවසායෙකුගේ (Entrepreneur)  කැපී පෙනෙන ලක්ෂණයකි. මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ පාඨමාලා (Online Courses) හැදෑරීම, තම ක්ෂේත්‍රයට අදාළ වැඩමුළු වලට සහභාගී වීම, ව්‍යාපරයට උපදේශනයක් ගත හැකි පොත් පරිශීලනය හා උපදේශකයෙකු (Mentor) හා සම්බන්ධ වීම දැක්විය හැකිය. මෙසේ ඉගෙනීම තුලින් ඔබගේ හැකියා වර්ධනය කිරීම තුළින් ව්‍යාපරයට හිතකර බුද්ධිමත් තීරණ ගැනීමට ඔබට හැකිවනු ඇත. ව්‍යාපාරිකියෙකුට හිමි අවිවේකී ජීවන රටාව තුළ මෙවැනි ක්‍රියාකාරකම් වලට කාලයක් වෙන් කර ගැනීම අපහසු විය හැකිය. නමුත් තම වගකීම සේවක මණලය සමඟ බෙදා ගනිමින් සිළු කාලයක් ඉගෙනීමේ කටයුතුවලට වෙන් කර ගැනීම අසීරු කාර්යයක් නොවේ.

නව නිෂ්පාදන හෝ සේවා සැපයීමට යොමු වන්න

සමහරි විට ව්‍යාපාරයක් සපයමින් පවතින භාණ්ඩ හෝ සේවා වල විකුණුම් ප්‍රමාණය ඉහල නැංවීම ඉතා අපහසු කටයුත්තක් විය හැකිය. මීට හොඳම විසදුම, නව භාණ්ඩ හෝ සේවා වෙළඳ පොළට හඳුන්වා දෙමින් ආදායම් අවස්ථා ඉහල නංවා ගැනීමයි. ඔබට එවැනි නව ව්‍යාපරික අවස්ථා පිළිබඳ අදහසක් නොපවතින්නේනම් ඔබගේ ව්‍යාපාරික තරඟකරුවන්ගේ (Competitors) හා  වෙළදපොල පිළිබඳ මනා ගවේශණයක නිරත වී නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට වෑයමක් දැරිය හැකිය.

වත්මන් වෙළඳපොළ පිලිබඳ යලි අවධානය යොමු කරන්න

ඔබගේ වෙළෙඳ ක්ෂේත්‍රය කුමක් වුවද, කාලයත් සමඟ වෙළෙඳ පොළ තුල පාරිභෝගික වුවමනාවන් වෙනස්වීම සිදුවනු ඇත. එබැවින් නිතර වෙළඳ පොළ පිළිබඳ පර්යේෂණ සිදුකර නව පාරිභෝගික වුවමනා හදුනා ගනිමින්, අනාගතය තුළ වෙළෙඳ පොළ තුල සිදු විය හැකි වෙනස් කම් වටාහා ගෙන එම වෙනස්වීම් තුළ නව ව්‍යාපාරික අවස්ථා ගොඩනංවා ගනිමින් හෝ පවතින විකුණුම් මට්ටම ඉහල නංවා ගැනීමට කටයුතු කිරීම තම ව්‍යාපාරය ඊළඟ අදියරට ගෙන යාමට ව්‍යවසායකයෙකු ගත යුතු පියවරකි.

පැහැදිලි කෙටි කාලීන හා දිගු කාලීන ඉලක්ක සකස් කරන්න

ව්‍යාපාරයේ කළමණාකරුවන් (Managers)  හා අනෙකුත් සේවකයින් සියළුදෙනාට වටහා ගත හැකි පරිදි ව්‍යාපාරයේ කෙටි හා දිගු කාලීන (Short term and Long Term) ඉලක්ක (Goals) පැහැදිලිව සකස් කොට ප්‍රචාරය කිරීම මගින් සේවකයන්ට ඔවුන්ගේ ක්‍රියාවන් ඉතා කාර්යක්ෂමව හා ධනාත්මකව ව්‍යාපරායේ උන්නතිය වෙනුවෙන් සිදු කල හැකිය.

අන්තර්ජාලය පදනම් කරගත් අලෙවිකරණ ක්‍රම වලට යොමුවන්න

වර්තමාන බොහෝ පුද්ගලයින් සිය දෛනික කටයුතු වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය (Internet) හරහා ඉටු කර ගනීමට හා අන්තර්ජාලයේ ගැවසීමට ප්‍රවණතාවයක් දක්වයි. මෙබවින් ඔබගේ ව්‍යාපාරයේ අලෙවි ප්‍රචාරණ කටයුතු අන්තර්ජාය ඔස්සේ සිදු කිරීමෙන් වැඩි ප්‍රතිඵලයක් ලබා ගැනීමේ හැකියාවක් පවතී. එලෙසම මෙම ක්‍රම ඉතා අඩු මුදලක් වැයකරමින් පහසුවෙන් සිදු කර ගත හැකිවීමද විශේෂ ලක්ෂණය කි. තම ව්‍යාපාරය සඳහා වෙබ් අඩවියක් (Website) පවත්වාගෙන යාම, එමගින් ව්‍යාපරික තොරතුරු Google, Bing, Yahoo වැනි සෙවුම් යන්ත්‍රවල (Search Engine) ලැයිස්තු ගත කිරීම, Facebook, Twitter වැනි සමාජ ජාල (Social Media) හරහා ප්‍රචාරණයේහි නිරත වීම දැක්විය හැකිය.

සාම්ප්‍රදායික අලෙවි ප්‍රවර්ධන කටයුතු වලද නිරත වන්න

අන්තර්ජාල පදනම් කරගත් අලෙවි ප්‍රවර්ධනයට යොමු වූවද, සාම්ප්‍රදායික ක්‍රම මගින් ව්‍යාපරයට නව පාරිභෝගික අවස්ථා ගොඩංවා ගැනීම නොසලකා හැරීම යහපත් නොවේ. එබවින් තොරතුරු පත්‍රිකා බෙදා (Handout) හැරීම, දේශීය පුවත්පත්වල (News Paper) දැන්වීම් පළ කිරීම වැනි කටයුතු තුලින් ව්‍යාපාරයේ විකුණුම් දෙගුන, තෙගුන කල හැකිවීමට ඉඩ ඇත.

ව්‍යාපාරයේ දුර්වලතා හඳුනාගන්න

බොහෝ ව්‍යාපාරකයින් දියුණුවීමට උනන්දුවක් දැක්වුද, තම ව්‍යාපරයේ දුර්වලතා (Weakness) අවංකව හඳුනා ගනිමින් එවා විසදා ගැනීමට කටයුතු නොකරයි. මෙමගින් ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ගත හැකිය. මේ සඳහා විවිධ විශ්ලේෂණ (Analysis) උපක්‍රම ව්‍යාපාර අධ්‍යන විෂය ක්ෂේත්‍රය පවතී. එම ක්‍රම තුලින් වඩාත් සාර්ථකව දුර්වලතා හඳුනා ගැනීමට අවස්ථාව වුදා වේ.

නිගමනය

ව්‍යාපාරයක් ඊළඟ අදියරයට ගෙන යාමට අභියෝගාත්මක හා වැඩි මුදල්, ශ්‍රමයක් වැයවන කටයුත්තකි. එමනිසා ඉහත සඳහන් උපදෙස් සියල්ලම ක්‍රියාවට නැංවීම ප්‍රායෝගික නොවේ. ඔබගේ ව්‍යාපාරය වඩාත් උචිත ක්‍රම කිහිපක් තෝර ගනිමින් ඒවා ක්‍රියාත්මක කර ව්‍යාපරයට සාර්ථකත්වය හා කාර්යක්ෂමතාව උදාකර ගැනීම අපහසු කටයුත්තක් නොවේ.

English Edition: Key Steps For Taking Your Business To The Next Level