ගැලපෙන bra එකක් නොමැතිකම නිසා ඔබ කෙතරම් ඇදුම් ප්‍රමාණයක් ඔබට නොගැලපෙනවා යැයි සිතා මඟහැර ඇත්ද? එහෙමත් නැත්නම්, ඔබට ඇදීමට සුදුසු bra එක කුමක් දැයි යන්න පිළිබඳ ව්‍යාකූල අදහසක් පවතිනවාද? මෙසේ අපට අවශ්‍ය හෝ ගැලපෙන bra එක තෝරා ගැනීමේදී ඇතිවන ගැටළු සහගත බව ගැහැණු ළමුන් වන අපට ඇතිවීම ඉතා සාමාන්‍යය දෙයකි. මීට හේතුව වෙළඳ පොලෙහි පවතින සියළු bra මාදිලියන් පිළිබඳ අප නොදැනුම්වත් වීමයි. මෙම ලිපියෙහි අප විසින් ප්‍රධාන bra මාදිලි කිහිපයක් ඔබට හදුන්වාදීමට සූදානම්. ඉතින් මේ ඔබගේ උඩු ඇදුමට වඩාත් ගැලපෙන bra එක තෝරා ගැනීමට අවස්ථාවයි.

Push Up Bra

Push-Up Bra
Photo by Victoriassecret.com

Push-Up යනු ඉස්සීමයි. මෙම මාදිලියේ bra ද සිදුකරනු ලබනුයේ පියයුරු උස්සා පවත්වා ගැනීමයි. මෙමගින් පපු ප්‍රදේශයට සරාගී ස්වරූපයක් ලැබෙන අතර පියයුරු පටක ඉස්සීම සඳහා මෙහිදී සිලිකන් ජෙල් (Silicon Gel) යොදා ගනු ලබන නිෂ්පාදනද වෙළෙඳ පොලෙහි දැකිය හැකිය.


Padded Bra

Padded bra

Photo by jockeyindia.com

මෙය සෑම කාන්තාවක්ම පොදුවේ භාවිතා කරනු ලබන bra මාදිලියයි. දිනය පුරා පහසුවෙන් සිටීමට මෙය උපකාරී වේ. මෙම වර්ගයේ bra මිලදී ගන්නා විට එහි ප්‍රමාණය (size) පිළිබඳව හොදින් සැළකිලිමත් විය යුතුය.


 T-shirt Bra

T-shirt Bra

Photo by Glamorise.com

මෙයද Padded Bra මාදිලියට අයත් වේ. නමුත් මෙය Padded Bra වලට වඩා ශරීරයට පහසු මාදිලියක් වන අතර හුරුබුහුටි පෙනුමකින්ද යුතු වේ. මෙම ඉතා සැහැල්ලු bra මාදිලිය ශරීරයට ඉතා මෘදු බැවින් (Seamless and smooth) දවස පුරා උද්යොගයෙන් සිටීමට හේතු පාදක වේ.


Convertible Bra

Convertible Bra

Photo by BareNecessities.com

Bra පටි මගින් ඉදිරිපස හෝ පසුපස ප්‍රමාණ වෙනස් කළ හැකි bra මාදිලිය මෙනමින් හැදින්වේ.


Strapless Bra

Strapless Bra

Photo by figleaves.com

මෙහි උරහිස හරහා දිවන පටි අඩංගු නොවන අතර ඔබ විවෘත උරහිසක් සහිත උඩු ඇදුම් භාවිතා කිරීමේදි මෙම මාදිලියේ bra යොදා ගත හැකිය. මෙම Strapless Bra භාවිතයේදී එහි ප්‍රමාණය පිළිබඳ ඔබ වඩාත් සැළකිලිමත් විය යුතුය. මන්ද වැරදි ප්‍රමාණයේ Strapless Bra භාවිතයෙන් ඔබ අපහසුතාවන්ට ලක්විය හැකි බැවිනි.


Balconette Bra

Balconette Bra

Photo by  Lacyhint.com

මෙය ඉතා මෘදු යටි පැත්තක් සහිත ඉතා සියුම් යට ඇඳුම්යකි.


Bandeau Bra

Bandeau Bra

Photo by  Implicite.com

උරහිස් පටි නොමැති ශරීරයට ඉතාමත් පහසු හා අඩු ශක්තියක් ලබා දෙන bra මාදිලියක් වන මේවා නිවසේදී හෝ නින්දට යනවිට ඇඳීම යෝග්‍යය වේ.


Bralette

Bralette

Photo by Windsorstore.com

Bralette යනු පටි නොමැති, සම්පූර්ණ රෙදි වලින් නිර්මිත නිෂ්පාදනයකි. මෙය යට ඇදුමක් මෙන්ම් උඩු ඇදුමක් ලෙසද භාවිත කල හැකිය. මෙය ශරීරයටද හානි දායක නොවේ.


Sports Bra 

Sports Bra 

Photo by Victoriassecret.com

ව්‍යායාම ශාලාවට (Gym), ක්‍රීඩා පුහුණු වීමට යාමට වර්තමානයේ කාන්තාවන්ගේ අත්‍යාවශ්‍යය ඇදුමක් වන මෙය පපු ප්‍රදේශය සම්පූර්ණ වශයෙන් ආවරණය කරනු ලබන හා පියයුරු වලට දැඩි ආධාරකයක් ලෙස පවතින උඩු ඇදුම් විශේෂයකි.


Plunge Bra

Plunge Bra

Photo by Missguided.co.uk

උඩු පියයුරු ප්‍රදේශය නිරාවරණය වන උඩු ඇදුම් ඇදීමේදී භාවිතයට ගත යුතු මෙම bra මාදිලිය ඉතා සරාගී පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.


Stick-On Bra

Stick-On Bra

Photo by Showpo.com

මෙය පියයුරු වලට ඉතා තද හා නොපෙනෙනසුළු bra වර්ගයකි.


Mastectomy Bra

Mastectomy Bra

Photo by Figleaves.com

පියයුරු විවිධ ශල්‍යයකර්මයන්ට ලක් කිරීමට සිදු වූ කාන්තාවන් යොදා ගත යුතු bra මාදිලිය මෙයයි.


Maternity Bra

Maternity Bra

Photo by AliExpress.com

ගර්භණී සමයේ ශරීරයට අමතර පහසුවක් ලබා දීමට මෙම මාදිලියේ bra භාවිතාවේ. පහසුවෙන් විශාල කිරීම හා ඉවත් කිරීම සිදු කල හැකි මෙම වර්ගයේ bra, දරුවා කිරි බොන අවධියේ ද භාවිතය යෝග්‍යය වේ.


Minimizer Bra

Minimizer Bra

Photo by Target.com

ප්‍රමාණයෙන් විශාල පියයුරු සහිත කාන්තාවන්ට සිය පියයුරුවල හැඩය පවත්වා ගනීමට මෙම වර්ගයේ bra යොදා ගත හැකිය.


No Sag Bra

No Sag Bra

Photo by Zivame.com

පියයුරු එල්ලා වැටීම බොහෝ කාන්තාවන්ට පවතින ගැටළුවකි. මෙම No Sag Bra මගින් පියයුරු තදින් ඔසවා තබා ගෙන ශරීරයේ හැඩය පවත්වා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දේ.


Cami Bra

Cami Bra

Photo by Barenecessities.com

පපු ප්‍රදේශය පූර්ණ වශයෙන් ආවරණය කොට ඇති මෙම bra වර්ග ඉතා අලංකාර මාදිලියකි.


Longline Bra

Longline Bra

Photo by Womanspersonalhealth.com

මෙම bra විශේෂයේ පපු ප්‍රදේශයෙන් පහතට, එනම් බඩ ප්‍රදේශයට තරමක් දුරට ආවරණය කිරීමයි.


Cage Bra

Cage Bra

Photo by Missguided.com

ඉතා අලංකාර විලාසිතාත්මක bra මාදිලියක් වන මෙහි පපු ප්‍රදේශයේ සිට බෙල්ල දක්වා විලාසිතාත්මක පටි වලින් යුක්ත වේ.