Books by Nerdynaut
Sale!

Mental Issues & Counselling Psychology – Sinhala eBook

$5.00 $3.00

මානසික ගැටලු සහ උපදේශන මනෝවිද්‍යාව

මනෝවිද්‍යාව විෂය ක්ෂේත‍්‍රයට අයත් ව්‍යවහාරික භාවිතයක් සහිත වඩාත් ප‍්‍රායෝගික ස්වාභාවයක් ගනු ලබන කාලීන වැදගත්කමකින් යුතු ඉතාමත් ජනප‍්‍රිය විෂය ශාඛාවක් ලෙස ‘උපදේශන මනෝවිද්‍යාව’ හැඳින්විය හැකි වේ. එමෙන් ම පුද්ගලයාගේ මනස සහ චර්යාව සමඟ සම්බන්ධව පවතින බහුවිධ චර්යාත්මක හා මානසික ගැටලූ සඳහා විසඳුම් ලබාගැනීමට අවශ්‍ය මගපෙන්වීමක් ලබාදෙන විෂය ක්ෂේත‍්‍රයක් ලෙස ද උපදේශන මනෝවිද්‍යා හැඳින්වීමට හැකිය.

Description

උපදේශනය පිළිබඳව, එහි කාර්යභාරයන්, එහි ප‍්‍රතිඵල සහ ප‍්‍රයෝජන පිළිබඳව හෝ පුද්ගලයා මුහුණදෙන මානසික ගැටලූ සහ ඒවාට විසඳුම් සොයා ගන්නා ආකාරය සම්බන්ධයෙන් සරල අවබෝධයක් හෝ සමස්ත ජනතාව තුළ ම පැවතිය යුතුය. බුදුන්වහන්සේ දේශනා කර වදාළ පරිදි ‘සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා’ හෙවත් සියලූ ම පෘතග්ජනයින් ම උන්මත්තකයින් ය. එනම්, අඩු වැඩි වශයෙන් සෑම පුද්ගලයෙකු ම මානසික ගැටලූවලින් පීඩා විඳියි. නූතන සමාජ සංකීර්ණත්වය සමඟ ම බලාපොරොත්තු කඩවීම්, වෘත්තීය සහ ගෘහය ආශ‍්‍රිත ගැටලූ, තීන්දු තීරණ ගැනීම් හා සම්බන්ධ ගැටලූ මෙන් ම අධ්‍යාපනික ගැටලූ යනාදි වශයෙන් කායික, මානසික, ආර්ථික, අධ්‍යාපනික, වෘත්තීය සහ සමාජීය වශයෙන් බලපෑම් ඇති කරන ගැටලූ රාශියක් උද්ගත වූ පවතී. මේ නිසා ම අතීත පුද්ගල හා සමාජ සන්දර්භයන්ට සාපේක්ෂව වර්තමාන සමාජය තුළ ආතතිය, කාංසාව, විශාදය වැනි මානසික අක‍්‍රමතා සහ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇත. එබැවින් සෑම පුද්ගලයෙක් ම අවම වශයෙන් මේ පිළිබඳව මූලික අවබෝධයක් හෝ ලබාගෙන තිබීම අත්‍යාවශ්‍යය.

 

E-book Type

PDF, EPUB, MOBI

Publisher

Nerdynaut

Author

Wasana Fernando

Word Count

4268

Language

Sinhala

Sold by

Nerdynaut

Publication Date

October 24, 2017

File Size

PDF (1.55MB)

EPUB (629KB)

MOBI (753KB)

 

අන්තර්ගතය

පිදුම

පෙරවදන

1. මානසික ගැටලූ පිළිබඳ හැඳින්වීම

2. උපදේශනය පිළිබඳව හැඳින්වීම

2.1 සායනික මනෝවිද්‍යාව සහ උපදේශන මනෝවිද්‍යාව

3. උපදේශන මනෝ විද්‍යාඥයාගේ කාර්යභාරය සහ සේවා ස්ථාන

3.1 ඉගැන්වීම

3.2 පර්යේෂණ

3.3 මනෝප‍්‍රතිකාර

3.4 උපදේශන පුහුණුව

3.5 වෘත්තීය සංවර්ධනය

3.6 ඇගයීම

3.7 උපදේශන මනෝවිද්‍යාඥයාගේ සේවා ස්ථාන

4. උපදේශන මනෝවිද්‍යාවේ ප‍්‍රභේද

4.1 විවාහ උපදේශනය

4.2 ලිංගික උපදේශනය

4.3 පවුල් උපදේශනය

4.4 ගර්භනී උපදේශනය

4.5 දික්කසාද උපදේශනය

4.6 කම්පිත උපදේශනය

4.6 ව්‍යසන උපදේශනය

4.7 මත්ද්‍රව්‍ය ඇබ්බැහි උපදේශනය

4.8 ළමා උපදේශනය

4.9 යෞවන උපදේශනය

4.10 වැඩිහිටි උපදේශනය

4.11 කාර්මික උපදේශනය

4.12 එච්. අයි. වී. උපදේශනය

4.13 ජාන උපදේශනය

5. උපදේශන මනෝවිද්‍යාව සඳහා මනෝවිද්‍යාත්මක ගුරුකුල වලින් ලැබෙන දායකත්වය

5.1 ව්‍යූහවාදී ප‍්‍රවේශයStructuralism Approach

5.2 මනෝවිශ්ලේෂණවාදී ප‍්‍රවේශයPsycho-Analytical Approach

5.3 චර්යාවාදී ප‍්‍රවේශයBehavioral Approach

5.4 ප‍්‍රජානන ප‍්‍රවේශයCognitive Approach

5.5 සමාජ ඉගෙනුම් න්‍යායSocial Learning Theory

5.6 මානුෂවාදී ප‍්‍රවේශය Humanistic Approach

5.7 සාංදෘෂ්ටිකවාදී ප‍්‍රවේශයExistential Approach

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

Shehan Marasinghe

Shehan is a Co-founder and the CEO of Nerdynaut. He is a Computer Science undergraduate.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

Reviews

There are no reviews yet.

Be the first to review “Mental Issues & Counselling Psychology – Sinhala eBook”

Your email address will not be published. Required fields are marked *

Books by Nerdynaut
To Top