Back Cover
Look Inside

Mental Issues & Counselling Psychology – Sinhala eBook

Rated 5.00 out of 5 based on 2 customer ratings
(2 customer reviews)

මානසික ගැටලු සහ උපදේශන මනෝවිද්‍යාව

මනෝවිද්‍යාව විෂය ක්ෂේත‍්‍රයට අයත් ව්‍යවහාරික භාවිතයක් සහිත වඩාත් ප‍්‍රායෝගික ස්වාභාවයක් ගනු ලබන කාලීන වැදගත්කමකින් යුතු ඉතාමත් ජනප‍්‍රිය විෂය ශාඛාවක් ලෙස ‘උපදේශන මනෝවිද්‍යාව’ හැඳින්විය හැකි වේ. එමෙන් ම පුද්ගලයාගේ මනස සහ චර්යාව සමඟ සම්බන්ධව පවතින බහුවිධ චර්යාත්මක හා මානසික ගැටලූ සඳහා විසඳුම් ලබාගැනීමට අවශ්‍ය මගපෙන්වීමක් ලබාදෙන විෂය ක්ෂේත‍්‍රයක් ලෙස ද උපදේශන මනෝවිද්‍යා හැඳින්වීමට හැකිය.

Google Books Preview

උපදේශනය පිළිබඳව, එහි කාර්යභාරයන්, එහි ප‍්‍රතිඵල සහ ප‍්‍රයෝජන පිළිබඳව හෝ පුද්ගලයා මුහුණදෙන මානසික ගැටලූ සහ ඒවාට විසඳුම් සොයා ගන්නා ආකාරය සම්බන්ධයෙන් සරල අවබෝධයක් හෝ සමස්ත ජනතාව තුළ ම පැවතිය යුතුය. බුදුන්වහන්සේ දේශනා කර වදාළ පරිදි ‘සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා’ හෙවත් සියලූ ම පෘතග්ජනයින් ම උන්මත්තකයින් ය. එනම්, අඩු වැඩි වශයෙන් සෑම පුද්ගලයෙකු ම මානසික ගැටලූවලින් පීඩා විඳියි. නූතන සමාජ සංකීර්ණත්වය සමඟ ම බලාපොරොත්තු කඩවීම්, වෘත්තීය සහ ගෘහය ආශ‍්‍රිත ගැටලූ, තීන්දු තීරණ ගැනීම් හා සම්බන්ධ ගැටලූ මෙන් ම අධ්‍යාපනික ගැටලූ යනාදි වශයෙන් කායික, මානසික, ආර්ථික, අධ්‍යාපනික, වෘත්තීය සහ සමාජීය වශයෙන් බලපෑම් ඇති කරන ගැටලූ රාශියක් උද්ගත වූ පවතී. මේ නිසා ම අතීත පුද්ගල හා සමාජ සන්දර්භයන්ට සාපේක්ෂව වර්තමාන සමාජය තුළ ආතතිය, කාංසාව, විශාදය වැනි මානසික අක‍්‍රමතා සහ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇත. එබැවින් සෑම පුද්ගලයෙක් ම අවම වශයෙන් මේ පිළිබඳව මූලික අවබෝධයක් හෝ ලබාගෙන තිබීම අත්‍යාවශ්‍යය.

E-book Type

EPUB, MOBI, PDF

Language

Sinhala

Publication Date

October 24, 2017

Wordcount

4,265

Author

Wasana Fernando

Publisher

Nerdynaut

අන්තර්ගතය

පිදුම

පෙරවදන

1. මානසික ගැටලූ පිළිබඳ හැඳින්වීම

2. උපදේශනය පිළිබඳව හැඳින්වීම

2.1 සායනික මනෝවිද්‍යාව සහ උපදේශන මනෝවිද්‍යාව

3. උපදේශන මනෝ විද්‍යාඥයාගේ කාර්යභාරය සහ සේවා ස්ථාන

3.1 ඉගැන්වීම

3.2 පර්යේෂණ

3.3 මනෝප‍්‍රතිකාර

3.4 උපදේශන පුහුණුව

3.5 වෘත්තීය සංවර්ධනය

3.6 ඇගයීම

3.7 උපදේශන මනෝවිද්‍යාඥයාගේ සේවා ස්ථාන

4. උපදේශන මනෝවිද්‍යාවේ ප‍්‍රභේද

4.1 විවාහ උපදේශනය

4.2 ලිංගික උපදේශනය

4.3 පවුල් උපදේශනය

4.4 ගර්භනී උපදේශනය

4.5 දික්කසාද උපදේශනය

4.6 කම්පිත උපදේශනය

4.6 ව්‍යසන උපදේශනය

4.7 මත්ද්‍රව්‍ය ඇබ්බැහි උපදේශනය

4.8 ළමා උපදේශනය

4.9 යෞවන උපදේශනය

4.10 වැඩිහිටි උපදේශනය

4.11 කාර්මික උපදේශනය

4.12 එච්අයිවීඋපදේශනය

4.13 ජාන උපදේශනය

5. උපදේශන මනෝවිද්‍යාව සඳහා මනෝවිද්‍යාත්මක ගුරුකුල වලින් ලැබෙන දායකත්වය

5.1 ව්‍යූහවාදී ප‍්‍රවේශය – Structuralism Approach

5.2 මනෝවිශ්ලේෂණවාදී ප‍්‍රවේශය – Psycho-Analytical Approach

5.3 චර්යාවාදී ප‍්‍රවේශය – Behavioral Approach

5.4 ප‍්‍රජානන ප‍්‍රවේශය – Cognitive Approach

5.5 සමාජ ඉගෙනුම් න්‍යාය – Social Learning Theory

5.6 මානුෂවාදී ප‍්‍රවේශය – Humanistic Approach

5.7 සාංදෘෂ්ටිකවාදී ප‍්‍රවේශය – Existential Approach

වෙනත් සංස්කරණ

මුද්‍රිත සංස්කරණ

 

2 reviews for Mental Issues & Counselling Psychology – Sinhala eBook

  1. Rated 5 out of 5

    Mayura

    කාලීනව ඉතාමත් වැදගත් පොතක්

  2. Rated 5 out of 5

    Sheela Warnakula

    Good academic book in Sinhala

Add a review

Your email address will not be published. Required fields are marked *